ජාති, ආගම්, කුල, භේද වලින් තොරව, දරුවන්ගේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන්, කතෝලික සභාව විසින් වටිනා සේවාවක් දීප ව්‍යාප්තව මෙහෙයවනු ලබයි. ශ්‍රී ලංකා ළ ක්‍රි වී ව්‍යාපාරය නම් වූ එහි ජාතික සම්මන්ත්‍රණය, මග්ගොන ශාන්ත වින්සන්ට් නිවසේ දී පැවැත්විණි. මෙහිදී දරුවන් සමඟ වැඩ කරන තරුණ දරුවන් සහ වැඩිහිටියන් සඳහා දරුවන්ගේ මනස මනෝවිද්‍යාත්මකව තේරුම් ගන්නේ කෙසේද? යන්න පිළිබඳ දේශනයකට සහභාගී විය.